ප්‍රථම ඔමික්‍රොන් ආසාදිතයා මෙරටින් හඳුනා ගැනෙයි
දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා.
මෙලෙස හඳුනා ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
අදාළ පුද්ගලයා දිවයිනට පැමිණීමේ දී ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය වූ බව වාර්තා වනවා.