Latest News

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

කොළඹ ඇතුළු රත්නපුර, ගම්පහ, බදුල්ල, නුවර, අනුරාධපුර දිස්ත්‍රික්ක රැසක විදුලි බලය ඇණ හිට ඇති බවයි වාර්තා වනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ඊට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

මේ අතර මීට දින කිහිපයකට පෙර ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා විය.

කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳ වැටීමක් ඊට හේතු වී තිබුණා.

මේ අතර විදුලි ඉංජිනේරුවන් පසුගියදා පැවසුවේ ඔවුන් සවස 4.15න් පසුව සිදුවන විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවයි.