විදුලිය ඇණ හිටීමෙන් ජල සපයුමටත් බාධා
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
විදුලි බිඳ වැටීමත් සමග අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බව අඹතලේ ජල පවිත්‍රාගාරයේ සහකාර සාමාන්‍යාධිකාරී අනුරුද්ධ පෙරේරා මහතා පවසනවා.
ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම සිදුව ඇති අතර ඒ හේතුවෙන් ජල විදුලි බලාගාරවලට විදුලි උත්පාදන කටයුතු ස්වංක්‍රීයව නතර වී තිබෙනවා.