Latest News

මහවැලි ගඟේ දිය නෑ මව හා දියණිය අතුරුදන්

මහවැලි ගඟේ දියනාමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු දියේ ගිලීමෙන් එක් අයෙකු මියගොස් 20 හැවිරිදි කාන්තාවක් සහ 02 හැවිරිදි කුඩා දරුවෙකු අතුරුදන්ව තිබෙනවා.

එකම පවුලේ මව සහ දියණිය එලෙස අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

පේරාදේණිය, කලුගමුව ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනාමින් සිටියදී ඊයේ (05) සවස් කාලයෙදී මෙම අනතුර සිදුව ඇත.

ප්‍රදේශවාසීන් විසින් එක් පුද්ගලයෙකු සහ පිරිමි ළමයෙකු බේරාගෙන ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 20 හැවිරිදි මාපනාවතුර පැසේජ්, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන් වු අය සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් කටයුතු සිදුකරන බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.