ප්‍රියන්තගේ සිරුරේ 99% විනාශයි
පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ හිසට සහ සිරුරේ අස්ථිවලට බරපතළ හානි සිදුව ඇති බවත් හිස්කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් පිළිස්සීමෙන් සිරුරේ 99%ක්ම විනාශ වී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් හෙළිව ඇත.
මෙහිදී වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ,ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ අත්‍යවශ්‍ය ඉන්ද්රියයන් වන අක්මාව, ආමාශය සහ එක් වකුගඩුවකට බලපෑම් එල්ල වී ඇති බවත් එක් පාදයක් හැර සිරුරේ සෑම කොටසකටම බරපතළ හානි සිදුව ඇති බවත් සුෂුම්නාව ද ස්ථාන තුනකින් කැඩී ගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් හෙළිකර ඇති බවයි.
මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද ලාහෝර් සිට UL 186 ඔස්සේ පස්වරු 5.00ට කොළඹට පැමිණ, ඔහුගේ ළඟ ම ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.