ආසියානු පැරා යොවුන් ක්‍රීඩා උළෙලේ පදක්කම් 4ක් ශ්‍රී ලංකාවට
2021 ආසියානු පැරා යොවුන් ක්‍රීඩා උළෙල මේ දිනවල බහරේනයේ මනමා හිදී පැවැත්වෙනවා.
එහි දෙවැනි දිනය වන අද (06) දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්ක 4ක් දිනාගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වී තිබෙනවා.
මෙහිදී ජේසන් ජයවර්ධන විසින් කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තා.
ජනනි වික්‍රමසිංහ මීටර් 100 ධාවන තරගයේ හා දුර පැනීම යන ඉසව් ද්විත්වයේ ම දෙවැනි ස්ථානය දිනාගත්තේ, ලෝකඩ පදක්කම් දෙකකට හිමිකම් කියනු ලැබුවා.
මොහොමඩ් සෆ්රාන් මීටර් 100 ධාවන තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඉසුරු වීරක්කොඩි එම ඉසව්වේ ම සිවු වැනි ස්ථානය ලබාගත්තා.