Latest News

පලංචියකින් වැටි 11 හැවිරිදි දරුවෙකු මරුට

පලංචියක් මත සෙල්ලම් කරමින් සිටි 11 හැවිරිදි දරුවකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයටපත්ව ඇතැයි වඩ්ඩුකොට්ඩෙයි පොලිසිය පවසනවා.

අනතුරින් මෙලෙස මියගොස්ව ඇත්තේ යාපනය, වඩ්ඩුකෝට්ඩෙයි තෝල්පුරම් පදිංචි ජයචන්ද්‍රන් තජීදරන් නැමති පිරිමි දරුවෙක්.

නිවසෙහි ඉදිකිරීමක් සඳහා පලංචිය බැඳ ඇති අතර දරුවන් කිහිපදෙනකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී අදාළ දරුවා හා අනෙක් දරුවන් පලංචිය මත නැග ඇති අතර එහිදී පය ලිස්සා බිම ඇඳවැටී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි දරුවා නිවැසියන් විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය දරුවාගේ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව පවතී.