ලෝක ශූරතා බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට පදක්කම්
ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක පළඟසිංහ සමත්ව තිබෙනවා.
ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 145ක්ද, ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 116ක්ද සමගින් එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 261ක්.
මේ අතර ඊයේ (09) දිනයේදී එම තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියෙන් තරග වැදුණු ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රැම් 136ක බරක් ඔසවමින් එම කාණ්ඩයේ රන් පදක්කම දිනාගනු ලැබුවා.