Latest News

කෙසෙල් කැබැල්ලක් සිරවී අවසන් ගමන් ගිය 11 මස් බිලිඳා

කෙසෙල් ගෙඩි කැබැල්ලක් හිරවි මාස 11ක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසනවා.

ඊයේ (12) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ අහංගම ඇද්දුන්කැලේ වත්ත පදිංචි පිරිමි දරුවෙක්.

කෙසෙල් ගෙඩි කැබැල්ල හිරවිමෙන් පසු දරුවා අහංගම ග්‍රාමිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස්ව තිබුණා.