ගෑස් පිපිරීමෙන් මියගිය කාන්තාවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩු මගට
ගෑස් පිපිරීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ සිව් දරු මවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩු දැමීමට සූදානම්ව ඇති බව වාර්තා වෙනවා.
කුණ්ඩසාලේ නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පුපුරා ගොස් ඉන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව කාන්තාවගේ සැමියා ඇතුළු ඥාතීන්, අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණයකර ඇත.
සිද්ධියෙන් මියගොස් තිබුණේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවක්.
ඇය අනතුරට මුහුණ දී තිබුණේ, සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කුලී පදනම මත කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචියට පැමිණ සිටියදී යි.
මෙහිදී මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අදහස් දක්වමින් කියා සිටියේ,
“උදේ ආහාර පිළියෙලකරන්න ගෑස් එක ඔන් කරනකොට එකපාරටම ලිප පුපුරලා තියෙනවා. ඊට පස්සේ කුස්සියේ ලොකු ගිනි ජාලාවක් ඇවිත්, විශාල ශබ්දයක් ඇවිත් තියෙනවා. ඒ ශබ්දය අපේ චූටි පුතාට ඇහැරිලා අම්මා නැගිට්ටවලා තියෙනවා. ඒ නැගිට්ටුවාට පස්සේ අම්මා ඇවිදගෙන ඇවිත් තියෙනවා “දනවා දනවා” කියලා. ඒ කරලා මූහුණට වතුර ටිකක් දලා වෑන් එකකින් අරගෙන ගිහින් නුවර මහ රෝහල ඇතුළත්කරලා ප්‍රතිකාර කරලා තියෙනවා. මම මේ පිළිබඳව ගෑස් සමාගමටත් රජයටත් විරුද්ධ නඩු මඟට බැහැලා කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ මූලික කටයුතු මේ වනවිටත් කරලා තියෙනවා. මම මේ නඩුව කියන්නේ මගේ බිරිඳවත් දරුවන්වත් වෙනුවෙන් නොවේ. ඉදිරියට මේ වාගේ විනාශ වන ජීවිතවලට මෙතනින්වත් තිතක් තබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. මේ මරණයේ වගකීමත් ඇත්තෙන්ම රජය භාරගතයුතුයි.” බවයි.