අතුරුදන් වූ දරුවන් දෙදෙනෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි
කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි පිරිමි දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
ඥාති සහෝදරයන් වන මෙම දරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් මස 23 වැනිදා සිට ආගිය අතක් නොමැති බවට කොටදෙණීයාව පොලීසියට පැමිණීල්ලක් ලැබී ඇත.
මෙසේ අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 10ක් වන දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් සහ 12 හැවිරිදි ජයසේකර මුදිලිගේ අකිල දේදුණු යන දරුවන් දෙදෙනායි.
පොලිසිය සඳහන් කළේ,මෙම දරුවන් දෙදෙනා අවසන් වරට නිල් පැහැති ටීෂර්ට්, කලු පැහැති සහ රතු පැහැති කොටු කලිසම්වලින් සැරසී සිට ඇති බවයි.
මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් කොටදෙණීයාව පොලීසියේ අංක 033-22400050 සහ 033-2272222 හෝ ස්ථානාධිපති 0718591634 යන දුරකතනවලට අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.