මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය රෝහිණි මාරසිංහට
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කළා.
එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පූජ්‍ය කළුපහන පියරතන හිමියන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති බවයි.