Latest News

රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ හමුදා භටයෙකු සිය දිවි හානි කරගනියි

රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ දී 19 හැවිරිදි හමුදා භටයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, අද අලුයම 12.30ට පමණ ඔහුට අයත් රාජකාරී ගිනි අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ ඩස්පියා වත්ත පහළ කොටසේ පදිංචි යුධ හමුදා සෙබළක්.

සිද්ධිය සම්බන්ධයෙන් රන්ටැඹේ යුධ හමුදා පුහුණු පාසලේ බලධාරීන් විසින් තෙල්දෙණිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධ හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.