සිරීපාදේ යන්න කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි
සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිත සිරිපා වන්දනා සමය ලබන වසරේ මැයි මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
සිරිපා වන්දනාව සඳහා මෙවර විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ද සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇත.
මෙම ගැසට් පත්‍රයට අනුව සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාපිටපතක් ළඟ තබා ගත යුතු අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුඛ ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදීය යුතුයි.
එමෙන්ම ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු වේ.
මෙයට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.