පවුල් ආරවුල් නිසා ගෘහණියන් 20,000ක් සියදිවී හානි කරගනියි
සෑම වසරකම ඉන්දියාවේ ගෘහණියන් 20,000ක පමණ පිරිසක් පවුල් ආරවුල් හෝ විවාහය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් සියදිවි හානි කරගන්නා බවට අනාවරණයවී තිබෙනවා.
1997 වසරේ සිට රැකියාව මත පදනම්ව වාර්ෂික සියදිවි නසාගැනීම් පිළිබඳ වන දත්ත සම්පාදනයට එරට ජාතික අපරාධ වාර්තා කාර්යංශය පියවර ගෙන ඇති අතර එහිදී 2009 වසර තුළ ගෘහණියන් 25,092 දෙනෙකු දිවි හානිකරගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.
පසුගිය වසර තුළ පමණක් ගෘහණියන් 22,372 දෙනෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඉන්දියාව තුළ සෑම පැයකටම 61 දෙනෙකු දිවි හානිකරගන්නා බව කාර්යංශයේ දත්තවලින් පෙන්නුම් කර ඇත.
2020 වසරේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති එක් ලක්ෂ 53,052ක් වූ සියදිවි හානිකරගැනීම් අතරින් සියයටට 15ක් පමණ ගෘහණියන් බව සඳහන්.