දළදා වඳින්න කාන්තාවක් ටී-56 වර්ගයේ ගිනි අවි උණ්ඩයක් ගෙනෙයි
දළදා වහන්සේ වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය පවසනවා.
අදාළ කාන්තාව දළදා මාලිගය ප්රධාන වාහල්කඩින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි සවිකොට තිබු ආරක්ෂක සංඥා පද්ධතිය ක්රියාත්මක වීම හේතුවෙන් ඇයගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී එම උණ්ඩය හමුව තිබෙනවා.
මෙහිදී පොලිසිය සිදුකල ප්රශ්න කිරීම් වලදී අදාළ කාන්තාව පවසා ඇත්තේ, එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිට මීට වසර 05 කට පෙර මියගොස් ඇති බවයි.
සැකකාර කාන්තාව ඊයේ (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.