Latest News

ගෑස් සිලින්ඩර නිකුත් කරන්න අධිකරණ නියෝගයක්

ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් , වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග කර තිබෙනවා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පසුගියදා ඒ මහතා පෙත්සමක් ඉදිරිපත් කරන ලදීයි.

ඒ අනුව දැනට වෙළෙඳපොලේ මුදාහැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර ඇත.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබුවා.