ස්වාමියා බිය ගන්වන්න මේ වසරේ කාන්තාවන් 20ක් ගිනිතබා ගනියි
සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් 20 දෙනෙකු මේ වසර තුළ ජාතික රෝහලේ දී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පවසනවා.
මෙලෙස සිරුරට ගිනිතබා ගත් අය අතරින් 19 දෙනකු අවුරුදු 20 – 30 අතර විවාහක කාන්තාවන් වනවා.
අදාළ කාන්තාවන් අතරින් සියයට 99 ක්ම සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ස්වාමි පුරුෂයා බිය කිරීමට බවත් සියදිවි නසා ගන්නා අදහසක් තිබී නැති බවත් ඔවුන්ගේ මරණ පිළිබඳ කළ පශ්චාත් මරණ පරික්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස මියගිය ගිය සියලු දෙනා ගිනි තබා ගත් මොහොතේ සිට බේරාගන්නැයි අන් අයගෙන් ඉල්ලා ඇති බව ද අනාවරණය වී ඇත.
සියයට 50 ඉක්මවා පිලිස්සුම් තුවාල ඇති රෝගින් බේරාගැනීමේ අවදානමක් ඇති බවත්, මේ සියලු දෙනා මිය යන මොහොත තෙක් ඉතා හොඳ සිහි කල්පනාවෙන් සිට ඇති බවත් ඉරේෂා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
සාමාන්‍යයෙන් ශරීරයට ගිනි ඇවිළුණු විට ගින්න නිවා දැමීම අපහසු වන්නේ සමට යටින් ඇති තෙල් තට්ටුව ගින්නට හොඳ උත්ප්‍රේරකයක් වන බැවින් ද , දර කැබැල්ලකට වඩා ඉක්මණින් ඇවිලෙන්නේ එම හේතුවෙන් වන අතර එම නිසා අනුන් බිය කිරීමේ අරමුණි්න් හෝ ගිනිතබා ගැනීමක් කරන්නට තබා සිතන්නට වත් සුදුසු නැති බව මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ප්‍රකාශ කරනු ලැබුවා.