Latest News

අලුත විවාහ වූ තරුණ ප්‍රජාවට රජයෙන් ඉඩමක්

අලුත විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ තරුණියන් සඳහා ඉඩම් කට්ටි 2,000ක් බෙදා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙහිදී ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී.රණවක මහතා සඳහන් කළේ, අඩු ආදායම්ලාභී කාණ්ඩයේ අලුතින් විවාහ වූ තරුණ තරුණියන්ට ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථයට අයත් ඉඩම් බෙදා දීමට කටයුතු කරන බවයි.

ලබන ජනවාරි මාසයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.