ගිණුමේ ඇති මුදල් ඉල්ලා මව්පියන් පැහැර ගෙන
පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ බැංකු ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ දෙමව්පියන් මෙලෙස බලහත්කාරයෙන් පැහැර ගැනීමට එම පුද්ගලයින් උත්සහ දරා ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් පොලිසිය සඳහන් කළේ,අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලන පක්ෂයක උපනායකයකු හා මානවහිමිකම් සංවිධානයක නිලධාරියකු සිටින බවයි.
මොවුන් තිදෙනා එම තරුණයාගේ නිවසට අයුතු ලෙස ඇතුලු වී ඔහුගේ දෙමාව්පියන්හට දැනුම් දී ඇත්තේ, පුතාගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැරවී ඇති බවත්, එය මෙතෙත් ඔහු ලබා නොදුන් බවයි.
කෙසේවෙතත් අදාළ තරුණයා පැමිණ අවශ්‍ය මුදල ලබා දෙන තෙක් එම තරුණයාගේ මව්පියන් දෙදෙනා මෙලෙස පැහැර ගැනීමට තැත්කළ අවස්ථාවේ සැකකරුවන් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.