අලුත විවාහ වූ යුවළකට දරුවෙක් ලැබුනොත් ඩොලර් 31,400ක්
ජනගහනය අඩුවීම නිසා චීන සමාජයට එල්ලව ඇති දැඩි බලපෑම හේතුවෙන් එරට පැවති “එක දරුවෙක් පමණයි” යන ප්‍රතිපත්තිය සංශෝදනය කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
මේ අතර ඊසානදිග චීනයේ පිහිටි “ජීලින්” නම් පළාතේ බලධාරීන් විසින් එරට අලුත විවාහ වූ යුවළකට දරුවෙක් ලදහොත් යුවාන් 200,000ක් දක්වා අඩු පොලීයට බැංකු ණයක් ලබාදීමට තීරණය කර ඇත.
එම මුදල ඩොලර් 31,400කට සමාන වේ.
එවැනි අලුත විවාහවූ යුවළ සඳහා මූල්‍ය ශක්තියක් ලබාදීමේ ක්‍රියාමාර්ග එරට පළාත් කිහිපයක අරඹා ඇති බව සඳහන් වෙයි.
එසේම ළමයින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති මව්පියන් සඳහා “අගය මත එකතු කළ බදු” (VAT) සඳහා සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා.