Latest News

පාකිස්තානයේදී ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ තනතුරට යන්න තවත් ලාංකිකයෙකුට ආරාධනා

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ක්‍රීඩා ඇඟලුම් කර්මාන්තශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාව එරට ආගමික අන්තවාදී මතධාරීන් පිරිසක් මිලේච්ඡ අයුරින් ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමට කටයුතු කර තිබුණා.

ඉස්ලාමයේ නබි මුහම්මද් තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්තශාලා සේවකයින් කළ චෝදනාවක් මුල්කරගෙන ඔහුව මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවා.

කෙසේවෙතත් ප්‍රියන්ත කුමාර දැරු තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එරට කාර්මාන්ත ශාලා පාලන අධිකාරිය තීරණය කිරීමත් සමග මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.