Latest News

නිවුන් අලි බලන්න ජනාතාවට අවස්ථාව හිමිවෙයි

ශ්‍රී ලංකාවේ ගෘහස්ථව උපන් පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමට දැන් ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ පින්නවල අලි අනාථාගාරයේදී යි.

ඉකුත් අගෝස්තු 31 වනදා මෙම ස්ථානයේදී එම අලි පැටවුන් දෙදෙනා උපත ලබා තිබුණා.

මේ අතර සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් ආයතනවලට පසුගිය දෙදින තුළ රුපියල් 54 ලක්ෂ 98,319 ක ආදායමක් ලැබී තිබෙනවා.

දෙහිවල, පින්නවල සහ සෆාරි උද්‍යානය ඇතුළු තවත් ආයතන කිහිපයකට නත්තල් දින සහ ඊයේ (26) දින මෙම ආදායම ලැබී ඇති බව සඳහන්.

නත්තල් දිනය දා නරඹන්නන් 12,807 ක් සහ ඊයේ 18,358 ක් මෙම ස්ථානවලට පැමිණ ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.