රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය කෙරේ
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද (28) පස්වරුවේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ,මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහෙයවනු ලබන බවයි.
ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීමත් නාස්තිය පිටුදැකීමත් මෙහි මූලික අරමුණ වී තිබෙනවා.
මේ ඔස්සේ රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙමගින් බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කර එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබීමත් ඩිජිටල්කරණයේ තවත් වාසියක් බව ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.