Latest News

එංගලන්තයේ සිට පැමිණි කාන්තාවක් අතුරුදන් – ඝාතනය කර ඇතැයි සැකයක්

එංගලන්තයේ පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවක් අතුරුදන්ව ඇතැයි ඇයගේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අදාළ කාන්තාව පදිංචිව සිටි කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ, නිවසේ ලේ පැල්ලම් දක්නට ඇති බැවින් එම තැනැත්තිය ඝාතනය කර ඇතැයි සැකයක් පවතින බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අතුරුදන්ව ඇති කාන්තාව 67 හැවිරිදි වියේ පසුවන පස්දරු මවක් වනවා.

අදාළ කාන්තාව කලක් එංගලන්තයේ පදිංචිව සිට මීට වසර 3කට පමණ පෙර නැවත මෙරට පදිංචිය සඳහා පැමිණ ඇත්තේ ඔවුන්ගේ දේපළ බලාකියා ගැනීම සඳහායි.

ඊයේ (27) රාත්‍රී 7.20 ට පමණ මෙම කාන්තාව අතුරුදන්ව ඇති බව ඥාතීන්ට දැනගන්නට ලැබී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.