Latest News

ආසියානු බර එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව රනින් සැරසු ශෙනුකි

ඉස්තාන්බුල්හි දී පැවති ආසියානු බර එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත්ව තිබෙනවා.

එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහා රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද ඇය විසින් දිනා ගනු ලැබුවා.

එම සුවිශේෂි ජයග්‍රහණය සමගම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ඇය විසින්ම බිඳ හෙලා තිබෙනවා.

තුර්කි බර එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු බර එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

රටවල් 19 ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ ඉස්තාන්බුල් හි දී මෙම ආසියානු බර එසවීමේ ශූරතාවලිය පැවැත් වෙයි.