Latest News

එංගලන්තයේ සිට පැමිණි කාන්තාව ඝාතනය කර කිඹුලන්ට දැමු තරුණයා අත්අඩංගුවට

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි 67 හැවිරිදි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති මවක්.

අදාළ කාන්තාව කලක් එංගලන්තයේ හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණයවී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ කාන්තාව නිවසේ සිටිය දී ඝාතනය කොට ඇගේ සිරුර යතුරුපැදියක බැදගෙන ගොස් කන්දපුරම් – මර පාලම ආසන්නයේ කිඹුලන් සිටින ඇළ මාර්ගයකට දැමූ බවයි.

පසුව පොලිසිය ඇයගේ සිරුර එම ඇළෙහි පාවෙමින් තිබිය දී සොයා ගනු ලැබුවා.

පසුගිය (27) රාත්‍රී 7.20 ට පමණ මෙම කාන්තාව අතුරුදන්ව ඇති බව ඥාතීන්ට දැනගන්නට ලැබී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලැබුවා.

අදාළ කාන්තාව සතුව තිබූ රන් ආභරණ සොරා ගැනීමේ අරමුණෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළා.

ඝාතනය සිදු කළ තරුණයා සොරකම් කරන ලද මෙම කාන්තාවට හිමි රන් ආභරණ තොගයක් ද සොයාගෙන තිබෙනවා.