Latest News

15 හැවිරිදි දැරියගේ සිරුර නිවසේ ළිඳේ තිබී සොයා ගැනෙයි

කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියකගේ සිරුර සිය නිවසේ ළිඳේ තිබි සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියක්.

අදාළ දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනයක් ලබා දී තිබෙනවා.

සියදිවි නසා ගත් දැරිය එම දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග රහසේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බව මේ වන විට සිදුකල පරික්ෂණ වලින් සනාථ වි ඇත.

අදාළ තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිටි ඇති බවට පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව පොලිසිය සඳහන් කළා.