Latest News

කිරිපිටි මිල යළිත් 150කින් ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට එම මිල වැඩිවීම ක්‍රියාත්මක බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළා.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 150කින් සහ කිරිපිටි ග්‍රෑම් 400යේ පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට නියමිතයි.

මිල වැඩිකිරීමත් සමග ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 1,345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවා.