රට තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වෙයි
පසුගිය දා ගෑස් තොග රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම හේතුවෙන්, දැනට රට තුළ පවතින ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණක් බව ලිට්‍රෝ සමාගම පවසනවා.
අදාළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටාන් නිසි ප්‍රමාණයෙන් අඩංගු නොවීම හේතුවෙන් එම නෞකාව හරවා යවා තිබෙනවා.
ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් මීලග නෞකාව මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදා දිනයි.
එම නෞකාව මෙරටට පැමිණීමෙන් පසු එහි අඩංගු එතිල් මර්කැප්ටාන් ප්‍රමාණය සහ සංයුතිය සම්බන්ධයෙන් ද පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුවයි එය ගොඩබෑම සඳහා අවසර ලබාදෙන්නේ.
එහෙත් පවතින තත්ත්වයන් හමුවේ ඉරිදා දින එම නෞකාව පැමිණියද පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව ගෑස් ගොඩබෑම සඳහා බොහෝ විට දින දෙකක් පමණ ගතවනු ඇති බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා.
නෞකාවෙන් ගෑස් සාම්පල ලබා ගැනීම සඳහා යන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු අදාළ කණ්ඩායම් සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල එම කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ගෑස් ගොඩබෑම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.
පවතින මෙම සියලු තත්ත්වයන් හමුවේ එළඹෙන සෙනසුරාදා දිනයෙන් පසු දින දෙකක් හෝ තුනක් යන තුරු මෙරට ගෑස් හිගයක් ඇතිවීම වලක්වාගත නොහැකි බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළා.