Latest News

කිරි තේ කෝප්පයක් 80 ඉක්මවයි

කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද(30) සිට අත්හිටුවීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

යළිත් කිරි තේ කෝප්පයක මිල ඉහළ දැමුවහොත් රුපියල් 80 ඉක්මවන බැවින් කිරි තේ අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

කිරි පිටි මිල ඉහළ දමා ඇති අවස්ථාවක නැවත වරක් කිරි තේ කෝප්පයක මිල වැඩිකළහොත් එය පාරිභෝගිකයින්ට දරා ගැනිමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.