කුමාරි ඇල්ලේ ගසා ගිය තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර හමුවෙයි
හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබෙනවා.
අතුරුදන් වූ තරුණියන් සොයා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුම්වල දී මෙම තරුණියගේ සිරුර හමුවූ බව පොලිස් මුලස්ථානය සදහන් කළා.
ඇයගේ සිරුර මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ පදිංචි තරුණියක් බව පොලිසිය පවසනවා.
අතුරුදන් වූ අවුරුදු 14 සහ 29 වයස්වල පසුවන හැඳල සහ යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනා සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
ඊයේ (30) පස්වරුවේ තරුණයන් තිදෙනෙකු සහ තරුණියන් 05 දෙනෙකු කුමාරි ඇල්ලේ දිය නාමින් සිටියදී ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ ජල පහර එක්වරම වැඩිවී ඇති අතර එම අවස්ථාවේදී තරුණියන් තිදෙනෙක් සැඩ පහරට හසුවී මෙලෙස ගසාගෙන ගොස් තිබෙනවා.