Latest News

මාසයකට පෙර අතුරුදන්වූ දරුවන් සොයන්න CIDයට භාර දෙයි

කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

ඥාති සහෝදරයන් වන මෙම දරුවන් දෙදෙනා ඉකුත් නොවැම්බර් මස (23) වැනිදා සිට ආගිය අතක් නොමැති බවට කොටදෙණියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙසේ අතුරුදන්වී ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් සහ ජයසේකර මුදිලිගේ අකිල දේදුණු යන දරුවන් දෙදෙනායි.