Latest News

විදේශිකයෙකු සමහ විවාහ වෙන්න නව රෙගුලාසි රැසක්

විදේශිකයෙකු සමග විවාහ වන මෙරට පුරවැසියන්ට 2022 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මන වන පරිදි නව රෙගුලාසි රජය විසින් පනවා තිබෙනවා.

ඒ අනුව අදාළ විදේශිකයා සිය රටේ ආරක්ෂක බලධාරීන් හරහා ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාදීම ලබන මස 01 වැනිදා සිට අනිවාර්ය කර ඇත.

විදේශිකයෙකු හා ශ්‍රී ලාංකිකයෙකු අතර විවාහයේ දී, එම විදේශීය පාර්ශවය කිසිදු වරදකට වරදකරුවෙකු නොවන බවට එම රටේ ආරක්ෂක බලධාරින් වෙතින් පසුගිය මාස 06 තුළ ලබාගත් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

ඒ සම්බන්ධ චක්‍රලේඛය පසුගිය ඔක්තෝම්බර් (18) වැනිදා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇත.