Latest News

රත්තරන් මිල යලිත් ඉහළට

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

හෙට්ටිවීදිය ප්‍රමුඛ රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් රුපියල් 112,500 කට සහ කැරට් 24 රන් පවුමක් රුපියල් 121,500 කට අද අළෙවි වනවා.

ලෝක රත්තරන් වෙළෙඳපොළේ අද (2) රත්තරන් අවුන්සයක් ඩොලර් 1,818 කට අළෙවි වූ අතර එය මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 11 ක ඉහළ යෑමක් ලෙස පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව තුළ පසුගිය දෙසැම්බර් මස මුල කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 107,800 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 116,500 අළෙවි විය.