ප්‍රේම සබඳතාවක් හේතුවෙන් පුද්ගලයෙකු සිරීපාදයේදී සිරුරට ගිනි තබා ගනියි
ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා දික්ඔය – ග්ලැන්කන් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද(03) අලුයම 1.30 ට පමණ මොහු නල්ලතන්නිය රථගාලේදී මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
අදාළ පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් බව අනාවරණය කරගෙන තිබෙනවා.
පෙම් සබඳතාවක් මුල් කරගනිමින් ඔහු මෙලෙස ගිනි තබාගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.