මියගිය බෑනාගේ විශ්‍රාම වැටුපට විද්ද නැන්දම්මා
රුපියල් ලක්‍ෂ 25 ක පමණ වන විශ්‍රාම වැටුපක් නීති විරෝධී ලෙස ලබාගත් නැන්දම්මා සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් ග්‍රාමනිලධාරියා නිදහස් කිරීමට කටයුතු කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයා සහ ගණකාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් කීපදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
අදාළ කාන්තාව විසින් සිය මියගිය බෑනාගේ වසර 10 කට ආසන්න කාලයක විශ්‍රාම වැටුප මෙලෙස ලබාගෙන තිබෙනවා.
මෙම කාන්තාව විසින් නීති විරෝධීව විශ්‍රාම වැටුපක් ලබාගන්නා බවට දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිවරයෙක් ප්‍රමුඛ පරීක්‍ෂණ මණ්ඩලයක් ග්‍රාම නිලධාරී නොදනුවත්ව කළ කටයුත්තක් යැයිද, අදාල කාන්තාව නීති විරෝධීව ලබාගත් විශ්‍රාම වැටුප් මුදල නැවත ගෙවන ලෙසත් නිර්දේශ කර ඇත.
කෙසේවෙතත් එය නීති විරෝධී ක්‍රියාවකට අනුබලදීමක් බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිව සිටි අදාළ විශ්‍රාමිකයා 2006 වසරේ මිය යෑමෙන් පසුව ඔහුගේ බිරිඳගේ මව ,තමන් බිරිඳ යැයි පවසමින් වැන්ඳඹු විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර ඇයට ඒ සඳහා අවශ්‍ය ජීවිත සහතික ඇතුළු සහතික , චෝදනාලාභී ග්‍රාමනිලධාරීවරයා විසින් සකසා දී තිබෙනවා.
එම මියගිය විශ්‍රාමිකයාගේ බිරිඳ 2003 වසරේ මියගොස් ඇති බව හෙළි වී ඇති අතර අදාළ කාන්තාව නීති විරෝධීව ලබාගත් විශ්‍රාම වැටුප ලෙස ලක්‍ෂ 25 ක පමණ මුදලක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට ගෙවා ඇතැයි ද දැනගනක්නට ඇත.