Latest News

භානුකගේ සමුදීමට මාලිංගගේ අකමැත්ත

භානුක රාජපක්ෂට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට මෙය අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් භාරදුන් බවට මාධ්‍ය වාර්තා වීමත් සමඟ ලසිත් මාලිංග මේ බව ප්‍රකාශ කර ඇත.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලසිත් මාලිංග වැඩිදුරටත් ප්‍රකාශ කර ජාත්‍යන්තර වශයෙන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම පහසු කාර්යයක් නොවන බවත් එහිදී ක්‍රීඩකයින්ට විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවන බවයි.

මෙහිදී ලසිත් මාලිංග වැඩිදුරටත් සඳහන් කළේ, භානුක රාජපක්ෂට තවත් බොහෝ දේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉටුකිරීමට ඇති බැවින් සිය තීරණය නැවත සලකා බලන ලෙසයි.