Latest News

නිවුන් අලි පැටවුන් ප්‍රථම වරට මාඔයේ ජල ස්නානය කරයි

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ පිරිමි නිවුන් අලි පැටවුන් දෙදෙනාට එම සත්ත්ව උද්‍යානය ඉදිරිපිට පිහිටි අලි ස්නානය කරවන මාඔයේ ජල ස්නානය කරවීම අද(06) සිදුකෙරුණා.

ඒ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

පැටවුන් දෙදෙනා උපදින විට සාපේක්ෂව අඩු බරකින් එනම් කිලෝ ග්‍රෑම් 55 කින් යුත්ත වීම හා පවතින කොවිඩ් වසංගතය හමුවේ පැය 24 පුරාම විශේෂ අවධානයකින් පශු වෛද්‍යවරුන්ගේ හා හස්ථි පාලකවරැන්ගේ නිරන්තර අධීක්ෂණය මත ඇති දැඩි වී තිබෙනවා.

මේ වන විට මාස 4ක් පමණ වයසැති මෙම අලි පැටවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවනවා.

පසුගිය වසරේ අගෝස්තු 31 වන දා මෙම නිවුන් අලි පැටවුන් උපත ලැබූ අතර, මෙය මෙරට ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත වනවා.

මෙම අලි පැටවුන්ට නම් තැබීම ලබන 11 වන දා පින්නවල අලි අනාථාගාරයේදී සිදුකිරීමට ද සැලසුම් කර තිබෙනවා.