Latest News

වැලිකඩ රැඳවියන් ධර්මාචාර්යට පෙනී සිටියි

මෙරවර ධර්මාචාර්ය විභාගය සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සිව් දෙනකු පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත තිබු මෙම විභාගය කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් පැවැත්වීමට නොහැකිව තිබෙනවා.

ඒ හේතුවෙන් හෙට (8) අනිද්දා (9) සහ (15) යන දිනයන් වලදී මෙම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

මෙම විභාග අපේක්ෂක සිරකරුවන් සිව්දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසල් විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටින බවද ඔහු කියා සිටියා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් අංශයක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය සුවිශේෂි වන බවත්, වැරදිකරුවන් වු මෙම පුද්ගලයන් යහපත් විනයගරුක හා සධාචාර සම්පන්න පුද්ගලයෙකු බවට පත් කිරිමේ පරම අභිලාසයෙන් මෙම ක්‍රියාදාමය සිදු කරනු ලබන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.