Latest News

STF එකට පළමු වතාවට සහකාර පොලිස් අධිකාරීවරියක්

පොලිස් විශේෂ කාර්යය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටි.එන්.කුමාරි මහත්මිය උසස්කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේ, ඇය සමඟ තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇති බවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 52 කු හා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනකු සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව සියලු දක්ෂතා දක්වා තිබූ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඇතුළු නව දෙනකුට මෙම උසස්වීම් ප්‍රධානය කෙරුණා.