Latest News

සැඩ පහරට ගසා ගිය සිසුවා සොයා මෙහෙයුම්

ඊයේ (09) සවස තන්තිරිමලේ, බෝගොඩ ප්‍රදේශයේදී මල්වතු ඔය පාලම අසල දියනාමින් සිටි දරුවෙක් සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ, 17 හැවිරිදි ලුණුවිල, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සිසුවෙක්.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ,දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුවා සොයා තන්තිරිමලේ පොලීසිය හා නාවික හමුදාව එක්ව මෙහෙයුම් සිදුකළ අතර මෙතෙක් හමුවී නොමැති බවයි.

තන්තිරිමලය පොලිසිය හා නාවික හමුදාව එක්කව තවදුරටත් ළමයා සෙවීමේ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.