ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු ප්‍රවීණ ජනප්‍රිය ගායිකා ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව ද අසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
92 හැවිරිදි වියෙහි පසුවන ඇය පසුගියදා මුම්බායි නුවර රෝහලකට ඊයේ ඇතුලත් කරනු ලැබුවා.
මේවන විට අසාධ්‍ය තත්වයේ පසුවන ඇය රෝහලින් පිටව යන දිනයක් පිළිබඳ නිශ්චිතව මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලතා මංගේෂ්කාර්ට තවත් දින 10ක් හෝ 12ක් පමණ කාලයක් එහි ප්‍රතිකාර ලැබීමට සිදුවනු ඇති බවත් වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
COVID-19 සහ නියුමෝනියා ආසාදනය යන රෝගී තත්වයන් දෙකටම ප්‍රතිකාර කරන අතර, කෙසේ වෙතත් ඇයට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් මෙතෙක් නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත.