මහරගම දී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය සොයා ගැනෙයි
මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය සොයාගෙන තිබෙනවා.
දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ හෙයින් ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය විසින් සිය මවට දුරකථන ඇමතුමක් දී හමුවීමට පැමිණ ඇති අතර පසුව දැරියගේ මව විසින් පොලීසියට ඒ බව දැනුම්දී ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.
මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටියදී එම දැරිය අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
එම දැරිය ජනවාරි මස 7 වන දින සිට එලෙස ආගිය අතක් නොමැති බවට වාර්තා වු අතර එතෙක් සිදුකළ විමර්ශන අනුව අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පොලීසියට අනාවරණය නොවීම නිසා මාධ්‍ය මගින් ඇයගැන තොරතුරු පළ කිරීමට පොලීසිය තීරණය කර තිබුණා.