ජනපති හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයට – ලිට්‍රෝ සභාපති ධුරයෙන් ඉවතට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.
මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් , ජනාධිපති ලේකම් කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බවයි.