Latest News

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ආරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ වුණා.

සැසිවාරය ආරම්භ කිරීමට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දී ඔහු පිළිගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින්.

ඉන් පසු පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයා පිළිගත් අතර පසු ව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැඳවාගෙන එනු ලැබුවා.

පසුව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් පෙරවරු 10 ට රාජාසන කතාව සිදු කළා.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ නිවේදනය සිදුකරනු ලැබුවා.

චාම් උත්සවයකින් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේ සමාරම්භය සඳහා විදේශීය රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියා.