අද රැයින් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් – කොවිඩ් වැළඳුනු දරුවන්ටත් විශේෂ වැඩසටහනක්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද මධ්‍යම රාත්‍රියේ සිට එම විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙහිදී එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ,උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බවයි.
මේ අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොවිඩ් 19 වෛරසය වැළදුණු සහ නිරෝධානය වන දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් හදුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥාෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා.
දරුවා හට කොවිඩ් 19 වෛරසය වැළදී සිටී නම් විදුහල්පතිවරයා හෝ පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්දී විභාග මධ්‍යස්ථානයට යොමුවිය හැකි අතර කළමනාකරණ පහසුව සඳහා ආසන්නම විභාග මධ්‍යස්ථානය තොරාගැනීම වඩාත් සුදුසු යැයි ද විශේෂඥාෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළා.