Latest News

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික නම තැබූ තරුණයා

ඔස්ට්‍රේලියාවේ බොහෝ මාධ්‍යවල ශ්‍රී ලාංකික නමක් සටහන් වී තිබෙණු දක්නට ඇත.

ඒ ලුචිත් සහන් තේනුවර යි.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෝල්කැම් උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ලුචිත් ගණිත විෂයට දක්ෂකම් දක්වන කෙනෙක්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පාසල් සහතික විභාගයෙන් “Extension 2 mathematics” විෂය සඳහා පළමු ස්ථානය ඔහුට හිමිවී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා.