24 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට
මස්කෙළිය පොලිස් වසමේ ගගේවත්ත ප්‍රදේශයේ දී නිවසක කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 24 හැවිරිදි තරුණියක්.
ඝාතනය සම්බන්ධයෙන් 23 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද (20) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර වෙලගෙදර, ගෝනදෙනිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර පසුව ඔහුද ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අදාළ කාන්තාවගේ අනියම් සැමියා බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
මියගිය කාන්තාව දුව සමග ජීවත්ව ඇති අතර, සැමියා හැරදා ගොස් ඇතැයි අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකළ සැකකරු ද සිය නිවසට ආසන්න පාළු නිවසක් තුළ දී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඔහු 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.