Latest News

දේවාලයක ගිනි පෑගීමේ චාරිත්‍රයට එක්වූ 26 හැවිරිදි මව ජීවිතක්ෂයට

කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ , කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අක්කුරුවිට ආරච්චිගේ ඉරේෂා මධුරංගනී නැමති කාන්තාවක්.

මියහිය කාන්තාව හට 10 හැවිරිදි දරුවකුගේ මවක් බවත් පොලිසිය සඳහන් කළා.

මෙහිදී පොලිසිය සඳහන් කළේ,ආමර් වීදියේ අදාළ දේවාලයේ වාර්ෂික ගිනිපෑගිමේ උත්සවය පසුගිය (14) වැනිදා රාත්‍රීයේ පැවැති බවත් මියගිය කාන්තාව ගිනිපෑගීමේ චාරිත්‍රයට සහභාගී වීමේදී ඇයගේ දෙපා පිලිස්සී ඇති බවත්ය.

පිලිස්සුම් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර නොගෙන පසුදින නිවසේම සිටිදී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.